දිනක් පිස්සන් කොටුවේ ප්‍රතිකාර ලබමින් සිටි උමතු පුද්ගලයෙක් එක්වරම දිව ගොස් නොතකා ඉතා උස ගසකට නැග ගත්තේ ය.
ඔහු ගසෙන් ඇද වැටුණහොත් සිදුවිය හැකි හානිය ගැන බිය වූ පිස්සන් කොටුවේ වෛද්‍යවරු සහ සේවකයෝ, ගස අසළට ගොස් විවිධ අයුරින් ගසෙන් බසින ලෙස ඔහුගෙන් ඉල්ලීම් කළහ.
ඔහු කිසිවෙකුගේ ඉල්ලීම් ගණනකට නොගත් බැවින්, එක් වෛද්‍යවරයෙක් තර්ජනය කොට බිය ගන්වා ඔහුව ගසෙන් බස්වා ගන්නට සිතා පොරවක් අතට ගෙන මෙසේ පැවසී ය.
තමුසේ හොඳ හිතින් ගහෙන් බහිනවද නැද්ද ? තමුසේ ගහෙන් බහින් නැත්තම් මම මේ පොරවෙන් ගහ කපලා දානවා.
එම තර්ජනයද පිස්සා කිසිදු ගණනකට නොගත්තේ ය. මෙම සිදුවීම මහත් ඕනෑකමින් බලා සිටි වෙනත් පිස්සෙකු ගස අසළට පැමිණ වෛද්‍යවරයාට මෙසේ කීවේ ය.
සර්, ඔය පොරව මට දෙන්න, මම ගහ කපලා දාන්නම්.
පහළ සිටි පිස්සාගේ එම ප්‍රකාශය ඇසුණු විගසම ගසේ සිටි පිස්සා කඩිමුඩියේ ගසෙන් බැස ගත්තේ ය. එයින් පුදුමයට පත් වෛද්‍යවරයා ඔහුගෙන් ඒ ගැන විමසී ය.
තමුසෙගෙන් අපි කොච්චර ඉල්ලීම් කළාද ? ඒත් තමුසේ නෙමෙයි ඒවා සත පහකටවත් ගණනකට ගත්තේ. ඒත් ඇයි මේ පිස්සෙක් කියපු දේ විශ්වාස කරලා ගහෙන් බැස්සේ ?
මේකෙන් සර්, සර්ලා ගහ කපනවා කිව්වට මම දන්නවනේ සර්ලට පිස්සු නෑ කියලා, ඒත් සර් මම දන්නවනේ, මූට ඇත්තටම පිස්සුනේ...
උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com
No comments:
Post a Comment